ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳව තමිල්නාඩුවේ විරෝධය එල්ල වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ජයන්ත පෙරේරා මහතාගේ ඉන්දීය සංචාරය හෙට (23දා) ආරම්භවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය. මෙම සංචාරයේදී දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කර තිබේ.
මෙම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් තමිල්නාඩු පක්ෂ පවසන්නේ දමිල ජනතවගේ හැගීම් නොසලකා හරමින් ඉන්දීය රජය කටයුතු කරන බවයි.