නාවික හමුදාපතිවරයාට අධිකරණ නියෝගයක්
2008 වසරේදී කොළඹදී ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙකු ඔවුන් ගමන්කළ වාහනයද සමඟ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා නාවික හමුදා කපිතාන්වරයෙකු ඇතුළු නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙකු රහස් පොලීසියට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොට්ස්කි මහතා නාවික හමුදාපතිවරයාට අද (16දා) නියෝග කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා නාවික හමුදා කපිතාන්වරයෙකුට සහ නාවික හමුදා නිලධාරීන් පස් දෙනෙකුට රහස් පොලීසියට පැමිණෙන ලෙස දැනුම්දී ඇතත් ඔවුන් ඒ සඳහා මේ දක්වා පැමිණ නොමැති බව රහස් පොලීසිය අධිකරණයට දැන්වීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
ඒ අනුව මෙම පැමිණිල්ල ලබන 30දා යළි කැඳවීමට නියම කළ අතර මෙම සිදුවීමට අදාළව සිදු කරනු ලබන පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙසද රහස් පොලීසියට නියම කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

