බ්‍රසීලයේ රියෝද ජනෙයිරෝ නුවර පැවැත්වෙන ඇමෙරිකානු අභ්‍යවකාශ හා ආරක්ෂක ප්‍රදර්ශනයට (LAAD-2017) සහභාගි වෙමින් සිටින නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද (05දා) බ්‍රසීල නාවික හමුදාපති අද්මිරාල් එඩුආර්ඩෝ ලීල් ෆෙරෙයිරා මහතා හමුවූ බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.
එහිදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනාගත ක්‍රියාමාර්ග සඳහා බ්‍රසීල නාවික හමුදාවෙන් අවශ්‍ය සහාය ලබාදීමට ක්‍රියාකරන බවද බ්‍රසීල නාවික හමුදාපතිතුමන් ප්‍රකාශ කළ බව නාවික හමුදාව පවසයි.
මේ අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමරුවක්ද සිදුවූ අතර, බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ජෙනරාල් (විශ්‍රාමික) ජගත් ජයසූරිය මහතාද මේ අවස්ථාවට එක්ව සිටි බව නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.