අකුරැස්ස, පිටබැද්දර පාලමේ සිරවී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයවීම මත ආරම්භ වී තිබේ.
පිටබැද්දර පාලමේ යට කොටස, පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට විශාල වශයෙන් අපද්‍රව්‍ය සහ දැව කඳන් සිරවී ජලය බැස යාමට නොහැකි තත්ත්වයට පත්වී ඇත. එම හේතුව නිසා ඊයේ (28දා) රාත්‍රී වනවිට නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අකුරැස්ස අවට ප්‍රදේශයට තවදුරටත් ජල ගැලීමේ අවදානමක් පැවතුණි.
මෙම අවදානම් තත්ත්වය සැලවූ විගස ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණයට සහ මැරීන් බළකායට අනුයුක්ත නාවික නිලධාරීන් 71දෙනෙකුද, කිමිදුම් අංශයේ නාවිකයන් 06 දෙනෙකුද එම ස්ථානය වෙත කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කළේය.