රිය අනතුරකින් මියගිය පුද්ගලයෙකු නාවලපිටිය ප්රදේශයේ සිට ගම්පොළ නගරය දක්වා කිලෝමීටර් 17 ක දුරක් ඇදගෙන ගොස් තිබියදී අද පෙරවරුවේ නාවලපිටිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් නාවලපිටිය සිට ගම්පොළ දක්වා මාර්ගයේ තිබූ ලේ පැල්ලම් ඔස්සේ හඹා ගොස් ඇති අතර, එහිදී මෙම මළ සිරුර සොයාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
ඡායාරූප ගම්පොළ සුරංග දිල්හාන්