පළාත් පාලන මැතිවරණය නිමිත්තෙන් පළමු වටයේ නාමයෝජනා කැඳවූ නාවලපිටිය නගර සභාවට හා පස්බාගේ කෝරළය ප්‍රදේශීය සභාවන් සඳහා පිළිගත් දේශාලන පක්ෂ හයක් නාම යෝජනා ලබාදී තිබෙන බවත් එම නාම යෝජනා සියල්ල පිළිගත් බවත් එක්සත් ජාතික පක්ෂය මගින් නාවලපිටිය නගර සභාව සඳහා ගොන්දෙන්නාව කොට්ඨාශයට ඉදිරිපත් කළ අපෙක්ෂකයා පමණක් ඉවත්කළ බවත් පනතේ විධිවිධාන සපුරා නොමැති වීම මෙම ඉවත් කිරීමට හේතුවූ බවමහනුවර තේරීම්භාර නිලධාරී එච්.එම්.පී හිටිසේකර මහතා පැවසීය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී අද (14) පැවැති මාධ්‍යය හමුවකදී තේරීම්භාර නිලධාරීවරයා මේබව ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රීලංකා පොදුජන පෙරමුණ,ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ නාවලපිටිය නගර සභාවට හා පස්බාගේ කෝරළය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන දෙකටමත්, එකමුතු ප්රගතිශීලි සන්ධානය නාවලපිටිය නගර සභාවට සහ ජනසෙත පෙරමුණ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය සභාවටත් නාමයෝජනා බාරදුන් බව හිටිසේකර මහතා පවසා සිටියේය.
චමිල් රූපසිංහ/මොහොමඩ් ආශික්