නාලන්දාවේ අනූව සැමරුම කලින් ඇවිත්
කොලඹ නාලන්දා විදුහලේ 90 වැනි සැමරුම 2015 වසරට යෙදී තිබුණත් එහි වර්තමාන විදුහල්පති මේ වසරේදී අනූ වැනි සංවත්සරය සැමරීමට කටුයුතු යොදා ගැනීමට විරෝධය දැක්වීමට එහි ආදිසිසුන් කටයුතු කරනු ලැබීය.
කොළඹ ඕ.පී.ඒ. ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔවුන් ප්‍රකාශ කළේ නාලන්දා විදුහලේ 90වැනි සංවත්සරය 2015 වසරේ නොවැම්බර් මස පළමුවැනිදාට යෙදී තිබුණත් එ් වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් නාලන්දාවේ 90 වැනි සංවත්සරය නම්න් හෙට (01දා) සිට ක්‍රියත්මක කිරීමට කටුයතු කර තිබිම පාසල් සිසුන්ට පාසලේ ඉතිහාසය පිළිබඳව වැරදි වැටහීමක් ලබාදීම බවයි.
එසේම ඒ සඳහා නිර්මාණය කළ ලාංඡනයේදී පාසල් ලාංඡනය වැරදි ආකාරයට ඉදිරිපත් කර තිබූ බවද ආදි සිසුහු පෙන්වා දුන්හ.
නාලන්දා විදුහල 1925 වසරේ නොවැම්බර් මස 01දා ලියාපදිංචි කර තිබෙන බවට සාක්ෂි සහිතව පෙන්වාදිය හැකි බව පැවැසූ ආදි සිසුන් වර්තමාන විදුහල්පතිවරයා එම වර්ශය 1924 ලෙස වෙනස් කර තිබෙන බවත් පැවැසීය.
කෙසේ වෙතත් සැමරුම් උත්සවය අවලංගු නොකර සිදූවූ වැරැද්ද පිළිගෙන එය නිවැරදි කරන ලෙසත් නාලන්දාව අනූවැනි සංවත්සරයට එළැඹීම යනුවෙන් එම වැඩසටහන වෙනස් කරන ලෙසත් ආදි සිසුන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් මාධ්‍ය හමුව ඉදිරියට යන අවස්ථාවේදී ලැබුණු පණිවුඩයකින් කියවුණේඑම උත්සවය, නාලන්දාවේ උපන්දින සැමරුම ලෙස වෙනස් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙන බවයි.
එහිදී අදහස් දැක්වූ ආදි සිසුවෙක් ප්‍රකාශ කළේ සංවිධානය කර ඇති පාගමන ඒ ආකාරයෙන්ම සිදුකරන ලෙසත් නමුත් ඒ සඳහා නිර්මානය කළ 'නාලන්දාවේ 90වැනි සැමරුම' යනුවෙන් මුද්‍රණය කළ ටී- ෂර්ට් යොදා නොගන්නා ලෙසත්ය.
ඒසේම පාසල් සිසුන් ඒ සඳහා යොදාගැනීමේදී ඔවුන්ව පාසල් නිල ඇඳුමෙන් යොදාගන්නා ලෙසත් ඔහු පවසා සිටියේය.
එසේම 2012 වසරේ පැවැති සැමරුම් උත්සවය සඳහා නිකුත් කළ සමරුපොතේදී විදුහල්පතිවරයා එය නාලන්දාවේ 87 වැනි සැමරුම ලෙසින් හඳුන්වා තිබියදීත් 2014 වසර 90 වැනි සැමරුම වූයේ කෙසේද යනුවෙන්ද ඔවුහු ප්‍රශ්න කළහ.
ඡායාරූප ඉසුරු පෙරේරා
75 වැනි සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු පොත
නාලන්දාවේ නියම ලාංඡනය (වමේ) හා අනූව වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ ලාංඡනය (දකුණේ)
2012 වසරේ සැමරුම වෙනුවෙන් විදුහල්පති නිකුත් කළ නිවේදනය
අතිපූජ්‍ය බලංගෝඩ ආනන්ද මෛත්‍රීය හිමියන් නිකුත් කළ නිවේදනය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

