නොබෝදා කොස්ලන්ද නායයෑමෙන් විපතට පත්වූ ජනතාවට කෙටි හා දීර්ඝ කාලීන සහන සැලසීමට ශ්‍රී ලාංකික ආරක්ෂක සේවාවන් විසින් දරන උත්සාහය පැසසිය යුතු බව අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) දූත මණ්ඩල අධ්‍යක්ෂිකා ෂෙරී කර්ලින් මහත්මිය පැවසුවාය.
USAID දූත මණ්ඩල අධ්‍යක්ෂවරිය මෙසේ පවසා සිටියේ නායයෑමෙන් විපතට පත්වූවන් තාවකාලිකව නැවතී සිටින පූනාගල තේ කර්මාන්තශාලා කඳවුරට අද (18දා) පැමිණි අවස්ථාවේදීය.
මෙම ස්වභාවික ව්‍යසනයෙන් විපතට පත් පවුල්වල අය මෙහි රැඳී සිටින අතර, එහිදී දරු දරියන් වෙත පාසල් උපකරණ බෙදාදීමට හා ඇමෙරිකානු රජයේ සහයෝගයෙන් USAID හරහා දරු දැරියන් සඳහාම වෙන්කර ඇති ළමා-හිතකාමී අවකාශය නැරඹීමටද අධ්‍යක්ෂවරිය එක්වූවාය.