අනුරාධපුර කවරක්කුලම හමුදා කඳවුරේ විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගී වී සිටි සිසුවියක් බැම්මකින් ඇදවැටීම හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි වී.කේ.ඩී.ආර්. කෞෂල්‍යා විජිතාලාල් (21) නැමැති උපාධි අපේක්ෂිකාව මෙසේ තුවාල ලබා තිබේ.
අඩි 07 ක පමණ තාප්පයකින් බිමට පැනීමේ අවස්ථාවේදී ඇය මෙසේ අනතුරට ලක්වී තිබේ. අනතුරෙන් ඇයගේ කොඳුඇට පෙළෙහි පිපිරීමක් සිදු වී ඇති බවට වෛද්‍යවරුන් නිගමනය කර තිබූ අතර, රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඇය ඊයේ (10දා) රෝහලෙන් පිටව ගොස් තිබේ.
පසුගිය 8දා මෙම සිසුවිය තුවාල ලබා තිබේ.