ඇස්බැස්ටස් තහනම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.
ඔහු සිය ට්විටර් ගිණුමට අද (21දා) ප්‍රකාශයක් කරමින් සඳහන් කරන්නේ සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමුකිරීම නැවැත්වූවාද, එසේත් නොමැතිනම් ශ්‍රී ලංකාවේ විදේශ හා වෙළෙඳ ප්‍රතිපත්තිය වැරදුනා දැයි ඔහු ප්‍රශ්න කරයි.
“ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කලින් සඳහන් කළේ සෞඛ්‍යමය හේතු නිසා තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ සිට ඇස්බැස්ටස් තහනම් කිරීමට අවශ්‍ය වූ බවයි. නමුත් දැන් ඔහු එම තහනම් කිරීම ඉවත් කිරීමට කටයුතු කරන්නේ ඇයි? සෞඛ්‍ය ගැන අවධානය යොමුකිරීම නැවැත්වූවාද, එසේත් නොමැතිනම් විදේශ හා වෙළෙඳ ප්‍රතිපත්තිය නැවත වරක් වැරදුනාද?” ඔහු සඳහන් කරයි.