නාමයෝජනා පෙත්සම් 14ක් සලකා බැලීම 24දා
පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන 14ක් සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්රප්රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කොට ඇති සියලුම පෙත්සම් ලබන 24 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඇති කරුණු එදින තහවුරු කරන ලෙස දැනුම් දුන් අභියාචනාධිකරණය එලෙස නියම කළේය.
මේ අනුව මහියංගණය, බුත්තල, කොළඹ, පානදුර, අගලවත්ත, කින්නියා, තිරප්පනේ, වැලිගම, බදුල්ල ඇතුළු පළාත් පාලන ආයතන 14ක් සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්රප්රතික්ෂේප කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කොට ඇත.
මෙම පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති විනසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සහ අභියාචනාධිකරණ විනසුරු ශිරාන් ගුණරත්න මහතා සියලුම පෙත්සම් සලකා බැලීම ලබන 24 වැනිදාට කල් තැබීය.
පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා කරුණු ඉදිරිපත් කරමින් මහරගම නගර සභාවට පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට ඇති හෙයින් මෙම ඇපෑලද නිශ්ප්‍රභ කරන්නැයි ඉල්ලා සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අධ්‍යයනය කර බැලිය යුතු යැයි දැනුම් දුන් අභියාචනාධිකරණය සියලුම පෙත්සම් සලකා බැලීම ලබන 24 වැනිදා දක්වා කල් තැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

