නාඋල මහේස්ත්රාත් අධිකරණයේ සේවයේ නියුතු නීතිඥ ලියානි රංකොත්ගේ මහත්මියට දුරකථනයෙන් තර්ජනය කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් නාඋල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඊයේ (19දා) උදෑසන අටයි එකට පමණ සිය ජංගම දුරකථනයට කිසියම් පුද්ගලයෙකු කුඩු සම්බන්ධ නඩු සඳහා පෙනී නොසිටින්නැයි තර්ජනය කරමින්, සිය දරුවන් දෙදෙනා පැහැර ගන්නා බවට සඳහන් කරමින් දුරකථන ඇමතුම් ගණනාවක් ලබා දුන් බව නීතිඥවරිය පොලීසියට සඳහන් කර තිබේ.
නාඋල පොලීසියට නීතිඥවරිය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝග යටතේ නාඋල පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්කර ඇත.
නාඋල - ඉන්දික අරුණ කුමාර