මාතලේ - නාඋල පොලිස් බල ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලීසිය පවසයි.
ප්‍රදේශයේ පවතින ආගමික ස්ථාන මෙන්ම පොදු ස්ථාන රැසක් ආරක්ෂා කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව නාඋල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා සඳහන් කළේය.
ප්‍රදේශයේ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා විශේෂ ජංගම මුර සංචාර සඳහා නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද සහාය හිමිවන බව හෙතෙම සඳහන් කළේය.
ප්‍රදේශයේ ඇතිවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණදීම සඳහා විශේෂ කැරලි මර්ධන ඒකකයක් මෙන්ම පොලිස් මාර්ග බාධකද යොදවා ඇති බව ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.
මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ දඹුල්ල - මාතලේ අතර පිහිටි නාඋල නගරය මුස්ලිම් මෙන්ම සිංහල ජනතාවක් ජීවත් වන නගරයකි. විහාරස්ථාන මෙන්ම අන්‍යආගමික දේවස්ථානද පවතින නගරයේ හා ගම්මානවල ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නාවුල ඉන්දික අරුණ කුමාර