යෝජිත නව ව්‍යවස්ථාව මගින් ජනපති ක්‍රමය අහෝසිවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා පැවැසීය. කළුතරදී පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එසේම මේ වන විට ජනපතිවරයාගේ බලතල එකින් එක අඩුවෙමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.
"බුදුරජාණන් වහන්සේත් විවේචනය කළ ලෝකයේ අපේ රටේ ව්‍යවස්ථාවේ තිබෙනවා ජනපතිවරයා විවේචනය කරන්න බැහැ කියලා. වර්තමානයේ ජනපතිවරයා විවේචනය කරන්න ඕනෑම් පුද්ගලයෙකුට පුළුවන්" යැයි ඔහු පැවැසීය.