නව ව්‍යවස්ථාවෙන් ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා
නව ව්‍යවස්ථාව මගින් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන අතර, කිසිදු රජයකට මනුෂ්‍ය ජීවිතයට ඇඟිලි ගැසිය නොහැකි ආකාරයට ව්‍යවස්ථාව නිර්මාණය කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිරිබෝපුර ප්‍රදේශයේ ඉදිකෙරෙන නිවාස 38කින් සමන්විත සෙන්පති කන්චදේවගම උදාගම්මානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. පසුගිය මහ මැතිවරණයෙන් උදාගම්මාන වැඩපිළිවෙළ රට පුරා ආරම්භ කළ අතර, මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 69ක් හා සමස්ත ලංකාවේම ගම්මාන 216ක් ඉදිවන බව හෙතෙම ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා,
දස මහා යෝධයන්ගේ නම්වලින් උදාගම්මාන නිර්මාණය කරනවා. ඒවගේම ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් නබි නායකතුමන්ගේ නමිනුත් නව උදාගම්මානයක් ඉදිකරනවා. දස මහා යෝධයන්ගේ නම්වලින් මේ උදාගම්මාන 10 හදන විට මා අදහස් කළා, මෙම ගම්මානය මුළු මහත් ශ්‍රී ලංකාවම එක්සේසත් කිරීමට දුටුගැමුණු මහා රජතුමාට විශාල සහයෝගයක් දැක්වූ කන්චදේව යෝධයා නමින් නම් කිරීමට. ඒ අනුව මෙම උදාගම්මානය සෙන්පති කන්චදේවගම යනුවෙන් මා නම් කළා.
රට පාවාදීම යහපාලන රජයේ ප්‍රතිපත්තිය නෙවෙයි. අප හැම විටකදීම උත්සාහ දරන්නෙ රටේ පුරවැසියා ශක්තිමත් කිරීමටයි. මෙරට පුරවැසි පරපුර වෙත තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදෙනවා. නව ව්‍යවස්ථාව මගින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරනවා මෙන්ම පුරවැසියා සතු බලයද අප වර්ධනය කරනවා. කිසිදු රජයකටවත් මනුෂ්‍ය ජීවිතයට ඇඟිලි ගසන්නට බැරිවෙන විදිහට නව ව්‍යවස්ථාව තුළින් පුරවැසියාගේ අයිතිවාසිකම් ශක්තිමත් කරමින්, ව්‍යවස්ථාවේ ඒකීයභාවය අප එලෙසින්ම සුරකිනවා යනුවෙන් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
