නව ව්‍යවස්ථාව ගැන අතුරු වාර්තාවක් ලබන මාසේදී පාර්ලිමේන්තුවට
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වන කෙටුම්පතට අදාළ අතුරු වාර්තාවක් නොවැම්බර් මාසය තුළදී පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට සැලසුම් කර තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා ද ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට පැමිණි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ ලේකම් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.
මැතිවරණ ක්‍රමය, බලය බෙදීම හා විධායකය සම්බන්ධයෙන් මේ දිනවල දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වෙන බව ඔහු සඳහන් කළේ ය.
තවමත් ඒ පිළිබඳව අවසන් නිගමනයකට එළැඹ නොමැත. පසුගිය දින 4 තුළ අඛන්ඩව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව සිය අතුරු වාර්තාව අයවැය කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඉද්දවෙල මහතා සඳහන් කළේ ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

