බලශක්තියෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනේදී පොසිල ඉන්ධන භාවිතය අවමකර, පුනර්ජනනීය බලශක්තිය වෙත යොමුවීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ අනුව ලංකාව තුළ මේ වනවිට ක්‍රියාත්මක තලයේ පවතින සූර්ය, සුළං සහ කුඩා ජලවිදුලිය යන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයන් සංවර්ධනය කිරීමටත්, නව පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘතීන් ඇති කිරිමටත් අවශ්‍ය පියවර ගන්නා බවත් ,මේ වසර අවසන් වනවිට ලංකාවේ විදුලියනය 100% ක මට්ටමකට ගෙන ඒමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය, තවඳ ප්‍රධාන විදුලිබල පද්ධතියට ළඟාවිය නොහැකි දුෂ්කර ස්ථානයන්හි පිහිටා ඇති නිවාස සඳහාද අපහසුවකින් තොරව විදුලි සැපයුම් ලබාදීමට හැකිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.