ශ්රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පත් කෙරුණු දිස්ත්රික් සංවිධායකවරු කිහිපදෙනෙක් අද (28දා) ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
මාතර දිස්ත්රික් සංවිධායකවරියක ලෙස පත්කෙරුණු මාතර දිස්ත්රික් ශ්රී ලංකා නිදහස් පක්ෂ නීතිඥ සංගමයේ සභාපති ප්රියානි රත්නායක මහත්මිය, මාතර දිස්ත්රික් සංවිධාකවරුන් ලෙස නීතිඥ චින්තක දර්ශන හේවාපතිරණ, මාලින්බඩ ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ඥානසිරි විතානගේ යන මහත්වරු සහ මාතර දිස්ත්රික් වතු සංවිධායක ලෙස කනගසබේ රවී කුමාර මහතා මෙලෙස ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.