ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් ඉවත් කර නව අගමැතිවරයෙකු හා කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
කොළඹදී අද (04දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශ කළ කරුණුවලට වඩා අගමැතිවරයා සම්බන්ධව බැදුම්කර වාර්තාවේ කරුණු දක්වා ඇතැයි තොරතුරු ලැබුණු බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ විදුලි බිල ගෙවාගත නොහැකිව සිටි එක්සත් ජාතික පක්ෂය ආසන සංවිධායකයන්ට රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදී ඇත්තේ බැඳුම්කර වංචාවෙන් ලැබුණු මුදල්වලින් බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.