නවසීලන්තය පැසිෆික් අසල්වාසීන්ගේ දත්ත සොරා ගන්නවා - ස්නොව්ඩන්
නවසීලන්තය සිය පැසිෆික් අසල්වාසීන් පිළිබඳව දවැන්ත දත්ත සොරාගැනීමක් සිදුකරමින් සිටින බව ඇමෙරිකාවේ හිටපු බුද්ධි අංශ නිලධාරී එඩ්වඩ් ස්නොව්ඩන් හෙළිදරව් කර තිබේ.
එම හෙළිදරව්ව මත නවසීලන්තයේ හෙරල්ඩ් පුවත්පත පෙන්වා දෙන්නේ අසල්වාසී පැසිෆික් රාජ්‍යයන්ගේ දුරකථන ඇමතුම්, ඊමේල් පණිවුඩ හා සමාජජාල අඩවි පණිවුඩ විශාල වශයෙන් නවසීලන්තය විසින් එක්රැස් කරමින් සිටින බවයි.
මෙම දත්ත ඇස් පහේ ජාලය ලෙස සැලකෙන සෙසු රාජ්‍යයන් වන ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය හා කැනඩාව සමග ඔවුන් බෙදාහදා ගන්නා බවද එම පුවත්පත අනාවරණය කරයි.
පුවත්පත පළ කළ තොරතුරු අනුව නවසීලන්තයේ දකුණුදිග දූපතෙහි වොයිහෝපි නමැති රාජ්‍ය සන්නිවේදන ආරක්ෂක කාර්යාංශ කඳවුරේ සිට මෙසේ දත්ත සොරා ගැනීම සිදුකර තිබේ.
ඒ අනුව, ෆීජි, පැපුවා නිව්ගිනියා, සොලමන් දූපත්, නාවුරු, සමෝආ, වනවාටු, කිරිබර්ටි, නිව් කැලිඩෝනියා, ටොන්ගා හා ෆ්‍රෙන්ච් පොලිනීසියා යන දූපත් රාජ්‍යයන්වලින් මෙසේ දත්ත සොරා ගන්නා බව ස්නොව්ඩන්ගේ හෙළිදරව්වෙන් කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
