නවගත්තේගම ප්රාදේශීය සභාවේ සභාපති සිසිර ධර්මප්රිය මහතාගේ ක්රියා කලාපයට විරෝධය දක්වමින් එම සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රිවරු සියලු දෙනාම අද (20දා) සභාවේ පැවති විශේෂ මහා සභා රැස්වීමේදී සභාපතිවරයාව දැඩි දෝෂ දර්ශණයට ලක් කළහ.
ඔවුන් තවදුරටත් සඳහන් කළේ, මින් ඉදිරියට කිසිදු කටයුත්තක් සඳහා සභාපතිවරයාට සහයෝගයක් ලබා නොදීමට එකමතිකව තීරණය කළ බවයි.
සභාපතිවරයා මුලසුන හොඹවමින් පැවැති මෙම විශේෂ සභා රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගෙන තිබුණි. එහිදී සන්ධාන මන්ත්රිවරු සභාපතිවරයාගේ ක්රියා කලාපය දැඩි ලෙස හෙළා දකිමින් සභාව ඇමතූහ.
මේ චෝදනාවලට පිළිතුරු දුන් සභාපති සිසිර ධර්මප්රිය මහතා පැවසුවේ, මන්ත්රීවරුන් නගන චෝදනාවලට කිසිම ආකාරයකින් පිළිගැනීමට සූදානම් නොමැති බවයි. එහෙයින් තමන් සභාපති තනතුරින් ඉවත් නොවන බවත් සභාපතිවරයා එහිදී පවසා සිටියේය.