ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1200ක් දිවුරුම් දීමේ උත්සවය අද (15දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
එහිදී ‘මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවයේ නිරත වන බවට’ නවක වෛද්‍යවරුන්ගෙන් ප්‍රථම වරට දිවුරුමක් ලබාගැනීම සිදුකෙරිණි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් රචනා කරන ලද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිල ගීතයද මෙහිදී එළිදැක්වුණු අතර, වෛද්‍යවරුන් මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවාවේ නිරතවීම පිළිබඳව විශේෂ දේශනද මෙහිදී පැවැත්විණි.
තවද මෙම වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් බාරදීමද මෙහිදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.