නවක ගුරුවරුන්ට පුහුණුව අනිවාර්යයි
පාසල් අධ්‍යාපනය ගුණාත්මකව සංවර්ධනය කිරීම සඳහා අඛණ්ඩ ගුරු පුහුණුව, අනිවාර්ය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව නොබෝදා සේවයට බඳවාගත් උපාධිධාරී හා ඩිප්ලෝමාධාරී ගුරුවරුන් 1035 ක් සඳහා නේවාසික පුහුණු පාඨමාලාවක් දිවයින පුරා මධ්‍යස්ථාන පහක අදියර දෙකක් යටතේ පැවැත්වේ.
මෙහි පළමු අදියර නවක ගුරුවරුන් 600 කගේ සහභාගිත්වයෙන් පසුගිය ( 17දා) වෙනි දා සිට ඔක්තෝබර් මස 07 වෙනි දා දක්වා පැවැත්වෙන අතර දෙවන අදියර නවක ගුරුවරුන් 435කගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් මස 10 වෙනි දා සිට ඔක්තෝබර් මස 30 වෙනි දා දක්වා පැවැත්වීමට නියමිතය. පුහුණුවෙන් පසු ඔවුන් අදාළ පාසල්වල රාජකාරි කටයුතු සඳහා යොමු කෙරේ.
පාඨමාලාව සඳහා කැඳවීම් ලිපි ලද වහාම නියමිත මධ්‍යස්ථානයට වාර්තා කළ යුතු බව අදාළ ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටි.
පාඨමාලාව පැවැත්වෙන්නේ, මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, මහනුවර මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, කළුතර පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය හා වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය යන මධ්‍යස්ථානවල මෙම පුහුණුවීම් සිදු කෙරෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

