ආණ්ඩුවට එක්වෙනවා නම් රුපියල් ලක්ෂ 500 ක් සහ වාහන බලපත්රයක් ලබාදිය හැකි බවට ආණ්ඩුවේ ඉහළ තැනකින් තමාට ආරාධනාවක් ලැබුණු බව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්රී නලීන් ප්රදීප් උඩවෙල මහතා ප්රකාශ කළේය. එහෙත් තමා කිසිදිනක පක්ෂය හැර නොයන බවත්, එම ආරාධනය ප්රතික්ෂේප කළ බවත් උඩවෙල මහතා පවසා සිටියේය.
මේ අතර ජනාධිපතිවරයා මුණගැසී ආණ්ඩු පක්ෂයට එක්වූ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්රීවරුන් තිදෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ 500 බැගින් ලබා දී ඇතැයි දැනගන්නට ලැබෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක ගයාන් විතාන මහතා ප්රකාශ කළේය.