ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාස හතරක් වැනි කාලයක් තුළ අඹගමුව ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන නල්ලතන්නිය ප්‍රතිචක්‍රීකරන අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයේ ගබඩා කර ඇති ප්ලාස්ටික් හිස් වතුර බෝතල් දසලක්ෂයෙන් සියයට හැත්තෑවක්ම නල්ලතන්නිය නගරයේ පිහිටි සංචාරක නිකේතන ආපන ශාලාවලින් තම කාර්යාලයට ලැබුණු ඒවා බව එම මධ්‍යස්ථානයේ කළමනාකාර ඒ.ඩබ්ලිව් හේමන්ත මහතා පැවසීය.
මේ සමිබන්ධයෙන් ඊයේ (14දා) ඇතැම් වෙබි අඩවිවල සහ ඇතැම් ජාතික පුවත්පත්වල වතුර බෝතල් දසලකෂයම නල්ලතන්නියේ සිට හැටන් මාර්ගයෙන් ඉදිකටුපාන දක්වා වන්දනාකරුවන් විසින් ශ්‍රීපාද මාර්ගයේ මුදාහැර ඇති බවට පළවන වාර්තා පදනම් විරහිත බවද ඒ මහතා පැවසීය.
ශ්‍රීපාද මාර්ගයේ වන්දනාකරුවන් විසින් මාර්ගය දෙපස කැළි කසළ වෙන් කර බැහැර කිරීම සඳහා ස්ථාපනය කර ඇති බඳුන්වල සහ පරිසරයට මුදාහැර තිබූ 30%ක පමණ ප්ලාස්ටික් වතුර බෝතල් සහ පැණි බීම බෝතල් නල්ලතන්නිය වනජීවී කාර්යාලය මගින් හා තම කාර්යාලයේ සේවකයන් විසින් මේ වනවිට එක්රැස් කර තම ගබඩාව වෙත රැගෙනවිත් ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ගතවූ ශ්‍රීපාද වන්දනා වාරවලට සමගාමීව මෙවර ශ්‍රීපාද වන්දනා වාරයේදී පරිසරය සුරැකීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම හේතුවෙන් පරිසර හානිය අවම කර ගැනීමට හැකි වූ බවත්, නල්ලතන්නියේ පිහිටි සංචාරක නිකේතන සහ ආපන ශාලාවලින් වන්දනාකරුවන්ට ජල සම්පාදන මණ්ඩලය මගින් ජලනල මගින් ලබාදෙන ජලය පානීය ජලය වශයෙන් ලබා නොදී සංචාරකයන්ට සහ වන්දනාකරුවන්ට වතුර බෝතල් අලෙවි කිරීම නිසා නල්ලතන්නියේ මෙතරම් විශාල වතුර බෝතල් ප්‍රමාණයක් එක්රැස් වන බවත් ඒ.ඩබ්ලිව් හේමන්ත මහතා ප්‍රකාශ කළේය.
තම ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථ යොදා ගනිමින් සෑම සතියකම බදදා දිනයේ එම ප්ලාස්ටික් වතුර බෝතල් එක්රැස් කර තම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේ ගබඩා කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.