ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට එක්වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන 11දා දිවයිනට පැමිණීමට නියමිතය.
ඔහු 12 දා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ සමාරම්භක උත්සවයට එක්වීමට නියමිතය.
දින දෙකක කාලයක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර එය ඔහුගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරය වෙයි. ඔහු 12 දා නැවතත් ඉන්දියාව බලා ගමන් කිරීමට නියමිතය.
සිය ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වතුකරයේ සංචාරයකටද එක්වීමට නියමිතය. එහිදී වතු ජනතාව අමතමින් අදහස් දැක්වීමටත් නියමිතය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 6000ක් යෙදවීමටත් රජය කටයුතු කර තිබේ.