ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ට එ.ජා.පයෙන් තරග කිරීමට විවෘත ආරාධනාවක් ලැබී ඇති බවත්,එහෙයින් මෙම සතිය තුළ එජාපය සමග සාකච්ඡා කොට කළුතර දිස්ත්රික්කයෙන් තරග කිරීමට නිසි පියවරක් ගන්නා බවත් පානදුර නගර සභාවේ හිටපු සභාපති නන්දන ගුණතිලක මහතා ප්රකාශ කළේය.
නන්දන ගුණතිලක මහතා ඉදිරි මැතිවරණයේදී එ.ජා.ප.යෙන් තරගකරන බවට පැතිර ගිය රාවය පිළිබඳව 'අද' පුවත්පත කළ විමසුමකදී ඒ මහතා එසේ අදහස් දැක්වීය.
නන්දන ගුණතිලක මහතා 1994 ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තරග කළ අතර, ඔහු එම පක්ෂයේ හිටපු ප්රමුඛ පෙළේ සාමාජිකයෙක්ද විය.