නඩු ප්‍රමාදය අවම කර ගැනීම සැමගේම වගකීමක්
නඩු ප්‍රමාදය අවම කරගැනීමට කටයුතු කිරීම අධිකරණ ක්ෂේත්රයට සම්බන්ධ සියලු දෙනාගේ වගකීමක් බවත්,සියලු දෙනා එක්ව යහපත් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට කැපවී කටයුතු කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පැවසුවාය.
අධිකරණ අමාත්‍යාංශ සේවකයන්ට පත්වීම ලබාදීමේ අවස්ථාවකට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේදී එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
“අපි සියලු දෙනාම අධිකරණ ක්ෂේත්රයට සම්බන්ධ සේවකයන් වශයෙන් කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට කැපවිය යුතුයි.අධිකරණ සේවකයින් වන ඔබ නිසිපරිදි ක්‍රියා කළහොත් නඩු ප්‍රමාදය අවම කරගැනීමට එය මහත් පිටුවහලක්.
අපිට වගකීමක් තිබෙනවා නඩු ප්‍රමාදය අවම කිරීමට කටයුතු කිරිමට.නඩුවක් සඳහා සාමාන්‍ය මිනිසුන් පෙනී සිටින්නේ විශාල මුදලක් කැප කරලා. නීතිඥ ගාස්තු සඳහා කොතරම් මුදලක් වැය කරනවාද මේ පිළිබඳව අධිකරණ සේවකයන් වන ඔබ කල්පනා කළ යුතුයි” යැයි අතුකෝරාළ මහත්මිය සඳහන් කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


