හෙට (30දා) කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20 ත් 40 ත් අතර අගයක් ගන්නා බවත්, මේ නිසා ධීවර රැකියාව සිදුකරන විට මේ පිළිබඳව අවධානයකින් සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව ධීවරයන්ගෙන් ඉල්ලා සිටී.
දිවයින ආසන්නයේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා මුහුදු ප්‍රදේශවලට මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත්, උතුරු, උතුරු මැද, නැගෙනහිර ඌව පළාත්වලට හා හම්බන්තොට දිස්ත්‍රික්කයටත් මිලිමීටර් 100 ක් ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවත් කාර්යනියුක්ත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.