සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියෝ එංගලන්තයේ ධර්ම ප්රචාරක කටයුතු අවසන් කොට යළි ලංකාවට පැමිණි පසු සිය විදේශ ගමන් බලපත්‍රය ගෙනැවිත් කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට අද (13දා) බාර දුන්නේය.
ලන්ඩනයේ සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වු පිංකමකට හා එහි ධර්ම ප්රචාරක කටයුතු සඳහා වැඩම කරන ලෙස කළ ඇරයුමකට අනුව ධර්ම ප්රචාරක කටයුතු සඳහා උඩුවේ ධම්මාලෝක හිමියන්ට සතියක කාලයක් විදේශ ගත වීමට අධිකරණය ලබාදුන් අවසරය මත එංගලන්තයට වැඩම කළ ධම්මාලෝක හිමියෝ යළි ලංකාවට පැමිණි පසු අධිකරණයට පැමිණ සිය විදේශ ගමන් බලපත්‍රය මෙලෙස අධිකරණයට බාරදුන්හ.