අනාගරික ධර්මපාලතුමා සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසත්‍ය ප්‍රකාශයක් කර ඇතැයි දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
නාරාහේන්පිට අභයාරාමයේදී අද (15දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ
“අනාගරික ධර්මපාලතුමා සිංහලයන් ගැන පමණක් කතාකරපු කෙනෙක් නෙමෙයි. මේ රටේ සියලු ජනතාව වෙනුවෙන් ජාතික සමගිය සඳහා කතා කරපු කෙනෙක් බව ජනාධිපතිවරයා කියා තිබෙනවා. ජනාධිපති හැටියට මෙහෙම කිවුවාම ඒක ලෝකෙට යනවා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අනාගරික ධර්මපාලතුමා ගැන කිසිම දෙයක් දැනගෙන නෙමේ මේ කතා කරලා තියෙන්නේ. ධර්මපාලතුමාගේ සටන්පාඨය වුණේ 'සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරාගනිව්' කියලයි. සිංහල ජාතිකත්වය නගාසිටුවන්න, සිංහල බෞද්ධයා නගාසිටුවන්න එතුමා ක්‍රියා කළා. සිංහල බෞද්ධයා කියලා පත්තරයක් ගැහුවෙත් ඒකයි" යනුවෙන් පවසා සිටියහ.