සෑම අවස්ථාවකම දේශීය ව්‍යාපාරවලට මුල්තැන දෙමින්, විදේශීය ආයෝජන කි‍්‍රයාත්මක කිරීම තම රජයේ ප්‍රතිපත්තිය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජපානයේ නිල රාජ්‍ය සංචාරක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජපානයේ ජයිකා ආයතනයේ සභාපති ෂිනිචි කිතඔකා (Mr. Shinichi Kitaoka) මහතා අතර පැවැති හමුවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
රටක් ලෙස රටේ ජනතාව දිරිමත් කළහැකි හා ඔවුන්ට ස්වෝත්සහයෙන් නැගී සිටිය හැකි ව්‍යාපෘතිවලට සහය වන ලෙස මෙහිදී ජයිකා ආයතනයේ සභාපතිවරයාගෙන් ජනපතිවරයා ඉල්ලා ඇති අතර වර්තමානයේදි ශී‍්‍ර ලංකාවට වඩා වැදගත් වන්නේ පොදු ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය කුඩා සහ මධ්‍යම පරිමාණ සංවර්ධන ව්‍යාපෘති බව ද පැවැසීය.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සහයිවීමට ද මෙහිදී ජයිකා සභාපතිවරයා කැමැත්ත පළ කළේය.