මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳව සොයා බැලීම සඳහා දේශීය පරීක්ෂණයක් ආරම්භ කරන බවත් ඒ සඳහා විදේශිකයන් ඇතුළත් කර නොගන්නා බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බී.බී.සී. සිංහල සංදේශයට සඳහන් කරයි.
රටතුළ පවතින නීතිරීති අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහා නීතිරීති අනුව සකස් කරන දේශීය යාන්ත්‍රණය මත පිහිටා අපක්ෂපාතීව, මධ්‍යස්ථව ස්වාධීනව කටයුතු කරන බවත්, ඒ පිළිබඳව මූලික කටයුතු අවසන් කර තිබෙන බවත් ජනපතිවරයා සඳහන් කරයි
දේශීය යාන්ත්රණයට ජාත්‍යන්තරයේ එකඟතාව ලබාගැනීමත් ජයග්‍රහණයක් බවත්, මසක් ඇතුළත මෙම යාන්ත්‍රණය ආරම්භකරන බවත් ජනපතිවරයා පවසා තිබේ.
යාන්ත්‍රණය යන්නෙන් පරීක්ෂණ කමිටුවක් පත්කරන බවත් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් එක්කර නොගන්නා නමුත් ඔවුන්ගේ අදහස් ලබාගත හැකි බවත් ඔහු සඳහන් කරයි.