ප්රතිසන්ධානයේදී ශ්‍රී ලංකාවට විශාල වැඩ කොටසක් ඉදිරියේදී තිබෙන බවත්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම හා පවතින ගැටලුව සංවේදීව විසඳාගත යුතු බවත් ජර්මන් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්යය ෆ්රෑන්ක් වෝල්ටර්ස් මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින වෝල්ටර්ස් මහතා අද (22දා) පෙරවරුවේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය.
එසේම එජා වාර්තාවෙන් පෙන්වා තිබෙන ගැටලු විසඳීම සඳහා පරීක්ෂා කිරිමේදී ජාත්‍යන්තරය ඇතුළත් දේශීය පරීක්ෂණයක් කළ යුතු බවද ඔහු පැවැසීය.
එසේම වොක්ස් වැගන් සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳව වන සාකච්ඡා පැවැත්වෙන බවත් තාක්ෂණික ක්ෂේත්රයේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය අඛණ්ඩව දෙන බවත් ඔහු පැවැසීය.