දේශපාලන පළිගැනීමකට ලක්වූවා නම් කියන්න
ජනාධිපතිවරණ සමයේදී හා ඊට පසුව දේශපාලනික හේතු මත ප්‍රචණ්ඩත්වයට, විවිධ තාඩනපීඩනවලට හා දේශපාලන පළිගැනීම්වලට ලක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලං.නි.ප. හා එ.ජ.නි.ස පාක්ෂිකයන්ට අවශ්‍ය නීති ආධාර නොමිලේ ලබාදීමට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු යොදා තිබේ.
ඒ අනුව එසේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ හා දේශපාලන ප්‍රචණ්ඩත්වයට මුහුණදී සිටින තම පාක්ෂිකයන්ට ඒ පිළිබඳව 076 705 8561 යන දුරකථන අංකයට සියලු විස්තර දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජනාධිපතිවරණය මුල්කර ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පුමුඛ සන්ධාන පාක්ෂිකයන්ට විවිධ දේශපාලන ප්රචණ්ඩත්වය හා දේශපාලන පළිගැනීම් විශාල ලෙස සිදුවන බවට වාර්තා වන බැවින් ඒ පිළිබඳව විධිමත්ව ක්‍රියාකිරීමට මෙම පියවර ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා %අද^ පුවත්පතට සඳහන් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

