දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන් 129 දෙනෙකු අතරින් විශ්‍රාම ගොස් සිටින පොලිස් නිලධාරීන් 29දෙනා සඳහාම සහන සැලසීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇතැයි ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා 'අද'ට පැවසීය.
හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගේ ලිපි මේවනවිට සකසා අත්සන් යොදා අවසන් බවත්, ඉතිරි නිලධාරීන්ගේද ලිපි ඉතා ඉක්මනින් සකස්කර අවසන්කරන බවත් ආරියදාස මහතා ප්‍රකාශ කළේය.
විශ්‍රාමික නිලධාරීන් 29 දෙනාම නැවත සේවයේ පිහිටුවීමක් නොකරන අතර, ඔවුන්ට සහන සැලසීමේ බාධාවක් නොමැති බැවින් ජාතික පොලිස් කොමිසම මෙම තීරණය ගත් බවද හෙතෙම පැවසීය.
දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන් 129 දෙනෙකුට සහන සැලසීමට ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම සහන සැලසීම ක්‍රියාත්මක වේ.