පටු දේශපාලන අරමුණු නිසා මාතෘභූමිය බිල්ලට නොදෙන්නැයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
මහනුවර ඇතුළු ප්‍ර දේශ කිහිපයක ඇතිවූ සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එසේම මෙම සිදුවීම පසුව වාර්ගිකත්වය, ආගම, ක්‍රෝධය හා වෛරය මත පදනම් වූ දේශපාලන වේදිකාවක් ගොඩ නැගිමේ උත්සාහයකද ඇතැම් පිරිස් සිටින බවද අමාත්‍යවරයා පවසයි.
මේ පිළිබඳව සොයා බැලීම සඳහා ජනපති කොමිසමක් පත්කර වගකිව යුතු පුද්ගලයන්ට එරෙහියව නීතිය කියාත්මක විය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
විනාශ වූ ජීවිත හා දේපළ සඳහා කඩිනම් වන්දිගෙවීමක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.