දේශපාලන අරමුණු වෙනුවෙන් සාමාන්‍ය ජනතාව ඝාතනය කරීම සහාසික කරුණක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. එංගලන්තයේ ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ට්විටර් පණිවිඩයක් යොමුකරමින් ඔහු මේ බව අද (23දා) පැවැසීය.
එසේම එම ප්‍රහාරයෙන් විපතට පත්වූ සියලු දෙනා වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ශ්‍රී ලංකාව සෑම විටම මැන්චෙස්ටර් ජනතාව සමග සිටින බවත් එම පණිවිඩයේ සඳහන් වෙයි.