දේශගුණික විපත් වැළැක්වීමට ලෝක ව්‍යාප්ත අරමුදලක්
දේශගුණ වෙනස්වීම් හේතුවෙන් ඇති වන විපත් වැළැක්වීමට සහ කාබන් වායුව නිකුත් නොකරන හරිත තාක්ෂණය වැඩි දියුණු කිරීම මගින් ගෝලීය උණුසුම පාලනයට, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට අයදුම් කළ හැකි අරමුදලක් පිහිටුවා ගෙන තිබේ.
ජර්මනියේ, බර්ලින් නුවරට රැස්වූ ලොව සංවර්ධිත රටවල් විසින් පිහිටුවා ගෙන ඇති අරමුදල ඇ.ඩො.බිලියන 9කට අධික අරමුදලකි.
මෙය දේශගුණ වෙනස් වීම් වෙනුවෙන් වෙන් කළ ලෝක ව්‍යාප්ත අරමුදලක් ලෙස සැලකෙන අතර, ගෝලීය උණුසුම මගින් ඇති කරන ස්වාභාවික ආපදාවලින් මිදීමට පියවර ගැනීම මෙහි දෙවැනි පියවර ලෙස සැලකෙයි. ගංවතුර සහ නාය යාම් පාලනය, මුහුදු ජල මට්ටම ඉහළ නැගීම පාලනයට ගල් වැටි ඉදි කිරීම යනාදිය මීට උදාහරණ ලෙස දැක්වෙයි.
සාමාන්‍යයෙන් අරමුදල් සපයන්නේ සංවර්ධිත රටවල් වුවත් ඔවුන් මුදල් සපයන්නේ පොහොසත් බව නිසා නොවන බවත්, ගෝලීය උණුසුම ඉහළ යාමට බලපාන ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදු වන්නේ මේ රටවල නිසා ඒ වෙනුවෙන් ඔවුන්ට අරමුදල් සැපයීමට සිදුවී ඇති බවත් කියැවෙයි.
අරමුදලෙන් මුදල් ලබා ගත හැකි රටවල් වෙන්නේ, දේශගුණ වෙනස් වීම් වලින් දැඩි ලෙස පීඩා විඳින සහ තර්ජනවලට ලක් වී සිටින රටවල් වන අතර, උදාහරණ ලෙස දූපත් ලෙස පවතින මුහුදට යට වීමේ තර්ජනයට ලක්ව ඇති රටවල්, මෙන්ම, නායයෑම්වලට ලක්විය හැකි කඳුවලින් ගොඩ නැගුණු රටවල් දැක්වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

