අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වැනි රැස්වීම ඊයේ (08දා) පස්වරු 2.15ට පමණ උත්සවාකාරයෙන් විවෘත විය.
කෙසේ වුවද, පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ අවස්ථාවට ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් 15 දෙනෙකු සහ විපක්ෂ‘මන්ත්රීවරුන් 13 දෙනෙකු සහභාගි නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
රවි කරුණානායක, වේලුකුමාර්, සිරිනාල් ද මෙල්, චමින්ද විජේසිරි, චතුර සේනාරත්න, සංදීප් සමරසිංහ හා මහාචාර්ය ආශු මාරසිංහ, කබීර් හෂීම්, වසන්ත සේනානායක, දීලිප් වෙදආරච්චි, සුජීව සේනසිංහ, රන්ජන් රාමනායක, හර්ෂ ද සිල්වා හා මයන්ත දිසානායක යන මැති ඇමතිවරුන්ආ ණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සහභාගි නොවූ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, වීමල් වීරවංශ, නාමල් රාජපක්ෂ, සාලින්ද දිසානායක, ඩලස් අලහප්පෙරුම, කෙහෙළිය රඹුක්වැල්ල, ප්රේම්ලාල් ජයසේකර, ලොහාන් රත්වත්තේ, රමේෂ් පතිරණ හා ජනතා විමුක්ති පෙරමුණේ නිහාල් ගලප්පත්ති යන මන්ත්රීවරුද සහභාගි වී නොසිටියහ.