ආපදා තත්වයෙන් දෙමව්පියන් හෝ භාරකරුවන් අහිමි වූ දරුවන් සිටී නම් වහාම දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලා සිටියි. එම දරුවන් පිළිබඳව පිළිබඳ විස්තර පහත අංශයන්ට වහාම දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
ළඟම පොලිස් මුරපොළට
අවතැන් කඳවුරු භාර නිලධාරීන්ට
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ට
ග්‍රාමසේවකට
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්ට
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ දිස්ත්‍රික් නිලධාරීන්ට
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය නිලධාරීන්ට
පරිවාස නිලධාරීට
1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ඇමතීමෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට