දෙමළ භාෂාවෙන් කටයුතු කරන ගුරුවරුන්ට ජාත්‍යන්තර දිනයක් නම් කරගැනීම සඳහා රටවල් හතරක නියෝජිතයන් මේ මස 05 දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.
මේ සාකච්ඡාව සංවිධානය කර තිබෙන්නේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්රිෂ්නන් මහතා විසිනි. මීට අමතරව සිංගප්පූරුව හා මැලේසියාව සහ තමිල්නාඩු ප්‍රාන්ත අධ්‍යපන අමාත්‍යවරුන් මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතය.
චෙන්නායි නගරයේ පිහිටි මැරිඩියන් හෝටලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර මෙහිදී ජාත්‍යන්තර දෙමළ ගුරුවරුන්ගේ සංසඳයක් පිහිටුවා ගැනීමටත් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.