හිටපු ජනාධිපති සහ වත්මන් ජනපති අතර කුමන සාකච්ඡා පැවැතියත් දූෂිතයින් ආරක්ෂා කිරීමට ඉඩක් නොමැති බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අද (09දා) වේයන්ගොඩ පැවැති උත්සයක් අමතමින් හෙතෙම මෙම අදහස් පැවැසීය.
"හිටපු ජනාධිපතිත් මෛත්‍රීපාල සිරිසේන ජනපති අතරත් සාකච්ඡා පැවැත්වුණා. මගෙන් හුඟ දෙනෙක් අහනවා මොනවද සාකච්ඡා කළේ කියලා. මම නම් සාකච්ඡාවලට සහභාගී වුණේ නැහැ. හැබැයි මට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හමුවුණ අවස්ථාවේ කියා සිටියේ දූෂිතයෝ ආරක්ෂා කරන්න මොනම කොන්දේසියක් දැම්මත් ඊට එකඟ වෙන් නෑ කියලා." යැයි හෙතෙම සඳහන් කළේය.