කාන්තාවන්ගේ ජංගම දුරකථනවලට අසභ්‍ය කෙටි පණිවුඩ එවමින්ඔවුන්ට හිරහැර කරන ලද බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
එම කොට්ඨාසයට ඉදිරිපත්වූ පැමිණිලිවලට අදාළව කළ විමර්ශනයකින් පසුව මෙම සැකකරු ඊයේ (04දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු කටුපොත ප්‍රදේශයේ පදිංචි තැපැල් කාර්යාල අනියම් සේවකයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථන 03ක් සහඑයට යොදාගත් සිම්පත් 04ක් අත්අඩංගුවටගෙන තිබෙන බවද පොලීසිය කියයි.