දුමින්ද ඇතුළු විත්තිකරුවන් 7කගේ ඇඟිලි සලකුණු ගනී
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුගේ ඇඟිලි සලකුණු ලබාගන්නා ලෙස නියම කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල, එම නඩුවේ 07 වැනි විත්තිකරු වන සරත් බණ්ඩාර නමැත්තාට ඇප ලබාදීමද ප්‍රතික්ෂේප කළේය.
මෙම නඩුව එකදිගට විභාගය ගන්නා හෙයින් මේ අවස්ථාවේදී හත්වැනි විත්තිකරුට ඇප ලබාදීම පිළිබඳව සලකා නොබලන බවද ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක ගුණතිලක සහ එම්.සී.බී.එස් මොරායස් යන අයගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.
විත්තිකරුට ඇප දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍ර සිල්වා මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරු මඩුල්ල විත්තිකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.
නඩුවේ 11 වැනි විත්තිකාර දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකු කලින් ලබාදුන් ඇඟිලි සලකුණු අපැහැදිලි බව ඇඟිලි සලකුණු කාර්යාංශයෙන් දන්වා එවා ඇතැයි දැනුම් දුන් විනිසුරු මඩුල්ල, අදාළ 07 දෙනාගේ ඇඟිලි සලකුණු ලබාදෙන ලෙසද නියම කලේය.
දුමින්ද සිල්වා මහතාට අමතරව ඇඟිලි සලකුණු ලබාදීමට නියම වූයේ අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, විදානගමගේ අමිල, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනාරච්චි ශමින්ද නැමැත්තන්ටය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

