මගී ආකර්ෂණය වැඩිවන අයුරින් දර්ශනීය ලෙස දුම්රිය ස්ථානවල යටිතල පහසුකම් වැඩි දියුණු කරීමට ප්‍රවාහන අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබේ.
එහි පළමු අධියර ලෙස ප්‍රධාන දුම්රිය ස්ථාන 10ක් නවීකරණය කිරීමට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. ඒඅනුව කොළඹ කොටුව, මරදාන, මාතර, ගාල්ල, පොල්ගහවෙල, මහනුවර ඇතුළු දුම්රිය ස්ථාන මෙලෙස නවීකරණය කිරීමට නියමිතය. එමෙන්ම කොටුව දුම්රිය ස්ථානයේ ආපන ශාලා ගැටලුව සඳහාද විසදුම් ලබාදෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ