පසුගිය (06දා) සිට ක්රියාත්මක වන දුම්රිය වැඩවර්ජනය ඉදිරියටත් ක්රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට වර්ජනයේ නියුතු සියලු වෘත්තීය සමිති අද (11දා) දහවල් 11.00ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ .
මෙමහිදී සේවය අතහැර ගියා සේ සලකා ඉදිරිපත් කරන ලියුම්වලට එරෙහිව ගන්නා පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සිදුකරන බව වෘත්තීය සමීති නියේජිතයෝ සඳහන් කරති.
ඉදිරිපත් කර තිබෙන ගැටලු විසඳන ආකාරය පිළිබඳව ලිඛිතව ලබාදෙන තෙක් වර්ජනය අවසන් නොකරන බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.
හත්වන දිනටත් ක්රියාත්මක වන දුම්රිය වැඩවර්ජනය නිසා දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙන අතර, අද උදේ කාලයේදී දුම්රිය ධාවනය වී තිබෙන්නේ දුම්රිය 08ක් බවද වෘත්තීය සමිති සඳහන් කරයි.