වැඩ වර්ජනයක නිරතව සිටිනා දුම්රිය වෘත්තීය සමිති සමග අමාත්‍යාංශ තුනක ලේකම්වරුන් මේ වනවිට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
ඒ අනුව ජනාධිපති ලේකම් මුදල් අමාත්‍යාංශ ලේකම් හා ප්‍රවාහන ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීහු මෙම සාකච්ඡාවට සහභාගි වී සිටිති.
මෙම සාකච්ඡාවලදී ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවට වෘත්තීය සමිති සඳහන් කරන අතර, ඒ හරහා වර්ජනය අවසන් කිරීමට හැකි බවද එම පිරිස් සඳහන් කරති.
වර්ජනය අවසන් වූවත් දින 04ක සිට දුම්රිය මාර්ග නඩත්තු නොකිරීම නිසා දුම්රිය ධාවනය කිරීම ආරම්භ කිරීමට යම් කාලයක් ගතවන බවද එම නියෝජිතයෝ සඳහන් කරති.