දුම්රිය සේවාවේ අධීක්ෂණ නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවලට වැටුප් විෂමතාවක් ඇතිවී තිබෙන බව හෙද පරිපූරක අතුරු වෛද්‍ය සේවාවල ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
මෙම වැටුප් විෂමතාව විසඳීම සඳහා මෙම සේවාවල වැටුප් ඉහළ දැමිය යුතු බවත්, රජය කඩිනමින් මෙම කටයුතු සිදුකළ යුතු බවත් එම සංගමයේ සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
දුම්රිය සේවාවේ කණ්ඩායමක වැටුප් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් අද (09දා) අනුමත වී තිබෙන බවත්, මේ හරහා සෞඛ්‍යය සේවාවේ පනස්දහසකට අධික ප්‍රමාණයකට වැටුප් විෂමතාවක් ඇතිවී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම ගැටලුව විසඳීමට රජය කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කර හෝ මෙම වැටුප් විෂමතාව ඉවත් කර ගන්නා බවත් සමකැඳවුම්කරු අවධාරණය කළේය.