ගැටලු දෙකක් මුල් කරගනිමින් ආරම්භ කළ දුම්රිය වැඩවර්ජනය අද (14දා) සවස 4.00ට අවසන් කළ බව දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.
අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඊයේ (13දා) සිදුකළ යෝජනා තුළ උසස්වීම් නවතා දමන බවට සිදුකළ යෝජනාවලට විරෝධය පා අද උසෑසන මෙම වර්ජසනය දියත් කිරීමට කටයුතු කරන ලදී.
මෙම ගැටලු පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර වර්ජනය නවතා දැමූ බවද ඒකාබද්ධ පෙරමුණේ ප්‍රධාන ලේකම් සම්පත් රාජිත මහතා පවසා සිටියේය. එහෙත් ඉදිරියේදී එම ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් අඛණ්ඩව වැඩ වර්ජනයක් සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.